Home Hit ‘පාස්කු කොමිසම ඉදිරියේ හෙළිකළ කරණු නිසා ආණ්ඩුව කට උත්තර නැතිව දේශපාලන දඩයම්...

‘පාස්කු කොමිසම ඉදිරියේ හෙළිකළ කරණු නිසා ආණ්ඩුව කට උත්තර නැතිව දේශපාලන දඩයම් කරනවා’

105

හිටපු නීතිපතිවරයා පාස්කු දින ප්‍රහාරයේ කුමන්ත්‍රණයක් ඇති බව පැවසීම හේතුවෙන් ආණ්ඩුව පත්ව ඇති අසරණකම පෙනෙන්නට ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

අද ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන මූල්‍ය අවභාවිතාවකට සම්බන්ධව සිදුකෙරෙන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් පුද්ගලයකු ලෙස එම සාක්ෂි එලියට පැමිණීමේදී ආණ්ඩුවට කට උත්තර නැති වී දේශපාලන දඩයම් කිරීමට අරඹා ඇති බව ඒ මහතා පැවසීය.

හිටපු අමාත්‍යවරයා දැක්වූ අදහස් මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here