Home Hit ඒලියන්ත වයිට්ගේ වියෝව ගැන අගමැතිගේ සහ මාලිංගගේ ශෝකය

ඒලියන්ත වයිට්ගේ වියෝව ගැන අගමැතිගේ සහ මාලිංගගේ ශෝකය

99

කොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාව කලක් ඉතාම සමීපව තමන් ඇසුරු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

ඒලියන්ත වයිට් මහතාගේ අභාවය පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ක්‍රීඩකයන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට ඒලියන්ත වයිට් මහතා උදව් කළ බවයි.

එමෙන්ම තමන්ගේ පාදයේ තිබූ ආබාධය ඒලියන්ත වයිට් මහතා හාස්කමකින් සුවය කළ බවත් ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කරන බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සනදහන් කරනවා.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු පවසන්නේ තමන් දාපු යෝකර් පන්දුවක් මෙන්ම ලබාගත් කඩුලු ත්‍රිත්තවයක් සම්බන්ධයෙන් ඔහුට ස්තූතිය පුදකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here