Home Hit ජනපති ගෝඨාභය අද ජගත් සමුළුව අමතයි

ජනපති ගෝඨාභය අද ජගත් සමුළුව අමතයි

106

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සමුලුව ඇමතීමට නියමිතව තිබෙනවා.

නිව්යෝර්ක් වෙලාවෙන් අද පෙරවරු 11 ත් දහවල් 01 ත් අතර කාලයේදී එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 08.30 ත් 10.30 ත් අතරදී ජනාධිපතිවරයා සමුලුව අමතනු ඇති.

ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වන අතර, ඔහු දිවයිනෙන් බැහැරව ජාත්‍යන්තර සමුළුවක් ඇමතීමට සහභාගී වන පළමු අවස්ථාව ද මෙයයි.

කොවිඩ් තත්වය පාලනයට ගෙන ඇති පියවර මෙන්ම රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයාගේ කථාවට ඇතුළත් වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here