Home Hit ඖෂධ මාෆියාවට පෙර පරිදි රිසිසේ කටයුතු කිරීමට නොහැකි නිසා දත්ත පද්ධතියට පහර...

ඖෂධ මාෆියාවට පෙර පරිදි රිසිසේ කටයුතු කිරීමට නොහැකි නිසා දත්ත පද්ධතියට පහර දුන්නා විය හැකියි

75

වත්මන් ආණ්ඩුව යටතේ ඖෂද මාෆියාවට පෙර පරිදි රිසිසේ කටයුතු කිරීමට නොහැකි වීම නිසා ඇතිවූ ඉච්චා භංගත්වය සහ අසීමිත මූල්‍ය වාසි නොලැබීම හේතුවෙන් ඇති වූ ද්වේෂය මත දත්ත පද්ධතියට පහර දුන්නා විය හැකි බවත් මෙහි සත්‍ය කරුණු සහ මෙය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන විමර්ශන මගින් අණාවරනය කෙරෙමින් පවතින බවත් ඖෂද නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

විපක්ෂනායකවරයා ස්ථාවර නියෝග 27/2 යටතේ අද (21දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය

මේ අතර මෙම දත්ත පද්දතියෙන් ෆයිල් 5,925ක් මැකිගොස් තිබෙන බවත් එයින් 3,137ක්(53%ක්) වන සාමාන්‍ය ඔසුසැල් , ෆාමසි රෙජිස්ටර් කිරීම අදාලව සහ ඒවා නැවත ලියාපදිංචි කිරීමට අදාල ලිපි ගොනු මැකී ගොස් ඇති අතර එහිදී කිසිදු පේටන් අයිතිය සහිත නව රසායනික ද්‍රව්‍ය(New chemical entity) වලට අදාල ලිපිගොනු මැකිගොස් නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මෙලෙස ජාතික ඖෂද නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන පූර්ණ පරීක්ෂණයට අමතරව ඖෂද නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශට හරහාද පරීක්ෂණයක් සිදු වන බවද එහිදී චන්න ජයසුමන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here