Home Hit “ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගිවීම අපට සහනයක්” – කරු

“ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගිවීම අපට සහනයක්” – කරු

95

ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව අයිතිවාසිකම් වලට ගරු කරමින් ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳ ගනීමෙන් රටේ ඉදිරි ගමන් මග සිදුවිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල වැඩපිළිවෙල සකස් කිරීමට පක්ෂ විපක්ෂ සියළු දෙනා අත්වැල් බැඳගත යුතු බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

රටේ පවතින දේශපාලන වාතාවරනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගිවීම අපට සහනයක්. ලංකාව කෙරෙහි විවිධ ආකල්ප පැහැදිලි කිරීමට එය කදිම අවස්ථාවක්.

ලංකාවට විරුද්ධව ඡන්ද 600ක් ලැබුණු අවස්ථාවේ සෑම රටක් විසින්ම ඔවුන් ලංකාවට ඉතා ඇලුම් කරන බවත්, විරුද්ධව ඡන්දය දීමට සිදුවූයේ ප්‍රතිපත්තිමය කරුණු නිසා බවත් පැහැදිලි කළා.

සත්භාවයෙන් අප ඉදිරිපත් කළ ඉහත කරුණු වලට අමතරව මේ රජය බලයට පැමිණි අවස්ථාවේ සිට ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ක්‍රියාදාමයන් ගැන අප ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කළා.

20 වැනි සංශෝධනය මේ රටේ ජනතාවගෙන් 82% දෙකක් පමණ ප්‍රතික්ෂේප කර ඇති බව අපකළ සමීක්ෂණ තුළින් දුටුවා. ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා.

දේශපාලන පලිගැනීමේ චේතනාවෙන්ම බිහිකළ උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ මුළු රටටම නින්දාවක්, අධිකරණයට අපහාසයක්, ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදි රටක සිදු නොවන දෙයක්. මෙම පනත අගමැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නිසා එතුමාගේ කීර්ති නාමයටත් මෙයින් විශාල හානියක් සිදු වූ බව කණගාටුවෙන් හෝ සඳහන් කළ යුතුව තිබෙනවා. එය පාර්ලිමේන්තු පුස්තකයේ ඇත්තේ එතුමාගේ නමින්.

ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත්වෙන මැතිවරණ නිදහස් සහ සාධාරණ විය යුතුයි. අපි දිගින් දිගටම මේ ගැන රට දැණුවත් කළා. ඒ ස්වාධීනත්වය ශ්‍රී ලාංකිකයන්ට ලැබී නැහැ. අපේ ප්‍රධාන චෝදනාව ස්වාධීන කොමිෂන් සභා කිහිපයක උග්‍ර දේශපාලන පත්වීම් කිහිපයක් තිබෙනවා. විපක්ෂයේ නියෝජිතයින් දෙදෙනාගේද එකඟත්වයෙන් මේ නිවැරදි කිරීම සිදුකිරීමට ජනාධිපතිතුමන් විසින් පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එසේ නොමැතිව මේ කමිටුව ඵල රහිතයි. අපිට පිළිගැනීමට අපහසුයි.

රටේ ඉදිරි ගමන සඳහා සුදුසු පරිසරයක් ඇතිකර ගැනීම සඳහා විපක්ෂයේ සහයෝගය අනිවාර්යයෙන්ම ලබා ගැනීමට අවශ්‍ය බව අපි සඳහන් කළ යුතුයි. තම සහයෝගය රටේ දියුණුවට ලබාදෙන බව විපක්ෂය කිහිප විටක්ම සඳහන් කර තිබෙනවා. මෙහි දී ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා වශයෙන් ජාතික නායකත්වය මෙහෙයවිය යුතු බව අප ආයතනය දිගින් දිගටම කියා තිබෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වයට කිසිම ආකාරයකින් බාධා කිරීම මේ රටේ ජනතාව අනුමත නොකරණ බව සඳහන්කළ යුතුයි” යයිද ඔහු එහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here