Home Hit “මහ බැංකුව කබ්රාල්ට දුන්නා කියන්නේ රෙදි අල්මාරිය කාවන්ට දුන්නා වගේ”

“මහ බැංකුව කබ්රාල්ට දුන්නා කියන්නේ රෙදි අල්මාරිය කාවන්ට දුන්නා වගේ”

58

අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි මහ බැංකු අධිපති ධුරයට පත් කිරීම කාවෝන්ට රෙදි අල්මාරිය භාර දීමක් වගේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

කාවා කියන්නේ අහුවෙන අහුවෙන රෙද්ද කන සතෙක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රෙදි නොඇඳ නිරුවතින් සිටින බව හොඳ බවයි සඳහන් කරන්නේ.

වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඇඳුම් අදින්නේ නොමැති නිසා ගැටළුවක් නොමැති බවත් යම්හෙයකින් ඔවුන් ඇඳුම් ඇඳ සිටියේනම් මන්ත්‍රීවරුන්ගේ රෙදි ටිකද විකුණාගෙන කන බව මන්ත්‍රීවරයා කියා සිටියේ

මහ බැංකුවේ සේවය කළ දවුලුගල මහත්මිය ඇය දැරූ ධූරයෙන් ඉවත් ඉවත් කලේ කාවෝ ඇඳුම් පමණක් නොව පොත් පතුත් කන නිසා බව අවධාරණය කරන මන්ත්‍රීවරයා කබ්රාල් මහතාට එරෙහිව තියෙන පොත් පත් ටික තිබෙන්නේ ඇය ගාව නිසා බවයි අනාවරණය කරන්නේ.

ඒ පොත් පත් ටිකද දැන් කාවෝ කා ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා

කබ්රාල් මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරද්දී economy next කියන ආයතනය මේ ඩොලර් ණය ගෙවන්නේ කෙසේදැයි ඔහුගෙන් ප්‍රශ්නයක් විමසු විට එයට පිළිතුරු දෙමින් කබ්රාල් මහතා දුන් පිළිතුර වූයේ එය හරි පහසු දෙයක් මහ තැපැල් කාර්‍යාලය , හෝටල් , සංස්ථා ආදී දේපල ටික විකුණා ණය ගෙවන බව පැවසූ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

මේ වගේ මතයක් තියෙන කෙනෙක් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරන්නේ මේ ආණ්ඩුවට මොළයක් තිබෙන නිසාදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනු ලැබුවා.

යල්පැන ගිය මුදල් අච්චු ගහන ප්‍රතිපත්තියට අනුබල දෙන පුද්ගලයා කබ්රාල් මහතා ලෙස මන්ත්‍රිවරයා මෙහිදී සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here