Home Hit ‘මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප දෙනවාද? – රජයේ මතය කියන්න’ – රනිල්

‘මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප දෙනවාද? – රජයේ මතය කියන්න’ – රනිල්

113

මහබැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප දෙනවාද? නැද්ද?යන කාරණය සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා වහාම පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.

සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්, වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05 ක් ඇතුළු නියෝග කිහිපයක් සම්මත කිරීමේ විවාදය ඇරැඹි අවස්ථාවේ නැගී සිටි රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නියෝග ඉදිරිපත් කිරීම සඳහා මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට නොපැමිණියේ මන්දැයි ප්‍රශ්න කෙළේය.

“මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් දෙනවද නැද්ද යන ප්‍රකාශය කරන්න මුදල් ඇමති පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.මේ ආණ්ඩුවේ ඇමතිවරු සිටියාට වැඩ කරන්න බෑ. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් “යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී නැගී සිටී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසූයේ මුදල් ඇමැතිවරයා වෙනුවෙන් අදාළ නියෝග ඕනෑම කැබිනට් අමාත්‍යවරයකුට ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවයි.”මුදල් ඇමති තව ටික වේලාවකින් පාර්ලිමේන්තුවට ඒවි”යනුවෙන්ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here