Home Hit ‘ආණ්ඩුව වැරදි වහගන්න රඟ දක්වන බාලවර්ගයේ අලුත් නාට්‍යයේ පිටපත, අන්තිම අසාර්ථකයි’

‘ආණ්ඩුව වැරදි වහගන්න රඟ දක්වන බාලවර්ගයේ අලුත් නාට්‍යයේ පිටපත, අන්තිම අසාර්ථකයි’

87

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ පියතුමන්ලා කිහිපදෙනෙකු සමඟ සිදු කළ බව කියන සාකච්ඡාව කුමන්ත්‍රණයක් නොවන බව පාඨලී චම්පික රණවකමහතා පවසනවා.

ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීමට යොදාගන්න විවිධ පුද්ගලයින් යොදාගනිමින් එය කුමන්ත්‍රණයක් බවට පෙන්වීමට උත්සහ ගන්නා බවත් එම වීඩියෝව ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයේ ඇති බවත් මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා පෙන්වා දුන්නේය.

ආණ්ඩුව අප්‍රසාදයට ලක්වෙමින් ඔවුන් විසින් ගොතන ලද බොරු සහ බලයට ඒමට පෙන්වන ලද විවිධ ආකාරයේ නාට්‍ය මේ වනවිට ආණ්ඩුවටම පාරාවළල්ලක් වී ඇති බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

එම වැරදි වසාගැනීමට ආණ්ඩුව විසින් අලුත් නාට්‍යක් පෙන්වීමට ආරම්භ කර ඇති බවත් එහි පිටපත ඉතාම අසාර්ථක බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here