Home Hit අගමැති ඉතාලි සංචාරය අවසන් කර යළි දිවයිනට පැමිණෙයි

අගමැති ඉතාලි සංචාරය අවසන් කර යළි දිවයිනට පැමිණෙයි

178

ඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සදහා ගොස් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසෙන් , ඉතිරි පිරිස අද (20) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

මීට දින කීපයකට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම ඉතාලි සංචාරය නිමා කර යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ඉතිරි දූත පිරිස අද (20) දින අලුයම 12.01 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉකුත් සැප්තැම්බර් 10 දින සිය ඉතාලි සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here