Home Hit “අද පළාත් සභා දිනන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් – ඒ තත්වේ ඇති...

“අද පළාත් සභා දිනන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් – ඒ තත්වේ ඇති කළේ සරත් වීරසේකරලා”

124

උද්ඝෝෂණ පවත්වන මිනිසුන් ත්‍රස්තවාදීන් බව පවසමින් හරි දේ කියන මිනිසුන්ට විනය පරීක්ෂණ තැබීමට කියමින් අමාත්‍ය සරත් වීරසේකර හිට්ලර් කෙනෙකු වීමට උත්සහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් අනතුරුව ඔහුව තංගල්ල ප්‍රදේශයේ මුලින්ම ගෙනා පුද්ගලයා තමන් බවත් දැන් කෑගසන සමහරුන් තමන්ගේ වැරදි අසු වෙතැයි බියෙන් ඒ දිනවල සැඟව සිටි බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

සරත් වීරසේකර ඇමතිවරයා ක්‍රියාකළ ආකාරය හේතුවෙන් ගුරු උද්ඝෝෂණය මෙතරම් දුරට පැමිණි බවද ඒ මහතා චෝදනා කරනු ලැබුවා.

තමන්ට විරුද්ධව විනය පරීක්ෂණ සිදුකිරීමට සුදානම් වන්නේනම් මුලින්ම විනය පරීක්ෂණ සිදුකල යුත්තේ පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ට බවත් එමෙන්ම පළාත් සභා සම්බන්ධයෙන් පක්ෂයේ මතයට විරුද්ධව ප්‍රකසහ නිකුත් කළ සරත් විරසේකරටත් විනය පරීක්ෂණ කළයුතු බව මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

පළාත් සභා කලින් පැවත්වවූයේනම් විශාල ජන ප්‍රසාදයකින් ජයග්‍රහණය කිරීමට තිබු බවත් දැන් ජයග්‍රහණය කිරීම ප්‍රශ්නයක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here