Home Hit ‘මත්පැන් හල් විවෘත කළේ රජයෙන් අවසර දුන්නම – නිත්‍යානුකූල නොවන මත්පැන් බීලා...

‘මත්පැන් හල් විවෘත කළේ රජයෙන් අවසර දුන්නම – නිත්‍යානුකූල නොවන මත්පැන් බීලා මිනිස්සු ලෙඩ වෙනවා’

126

රට පුරා මත්පැන් අලෙවිසල් විවෘත කර ඇත්තේ රජයෙන් ලබා දුන් අවසරයක් මත බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

”රජයෙන් අවසරයක් නොදි බාර් අරින්න බෑනේ. රජයෙන් අවසරයක් දුන්නම තමයි ඒ මත්පැන් හල් විවෘත කරලා තියෙන්නේ. ලියාපදිංච් තැන්, විවෘත්ත කිරිමක් කරලා තියෙනවා. දෙයිහාමුදුරුවනේ සල්ලි නෑ.. සල්ලි නෑ.. කිව්වට බලන්න ඇපැයි බාර් ගාවට ගියාම, දැන් අපෙන් කියනවා රුපියල් 2000 ක් දෙන්න කියනවා කන්න නෑ කියලා 5000 ක් දෙන්න කියනවා.බාර් ටික ඇරලා තිබුනාම මගේ අම්මේ ඊයේ කිලෝ මිටර් එක හමාරක් විතර තිබුණා පෝලිම” ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here