Home Hit ජගත් කුමාර කියන්නේ රත්තරං බැන්දම අං ආපු කටුස්සා වගේ එකෙක් – ගාමිණී...

ජගත් කුමාර කියන්නේ රත්තරං බැන්දම අං ආපු කටුස්සා වගේ එකෙක් – ගාමිණී ලොකුගේ

164

පාදුක්ක පොලිසිය පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රතිචාර දැක්වීය.

ජගත් කුමාර මන්ත්‍රීවරයා ගැන තමන් බොහෝ කණගාටුවන බවද පැවසූ අමාත්‍යවරයා ඔහු සමග තමන්ගේ කිසිදු ගැටුමක් නොතිබූ බවද සඳහන් කළේය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සරත් වීරසේකර අමාත්‍යරයා ද සමග එක්ව මාධ්‍ය හමුවක් පවත්වන බවද පැවසූ ඔහු ‘සමහර අයට රත්‍රං බැන්දාම අං එනවා. එහෙම අං ආව කෙනෙක් විදිහටයි මං එතුමව දකින්නේ’ යයිද කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here