Home Hit සියලු බෝග සඳහා කාබනික පොහොර ආනයනයට අවසර

සියලු බෝග සඳහා කාබනික පොහොර ආනයනයට අවසර

139

තේ, පොල් සහ රබර් ඇතුළු අනෙකුත් භෝග සඳහා ද කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකට අවසර ලබා දී තිබෙනවා.

මෙතෙක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර දී තිබුණේ, වී වගාව සඳහා පමණි.

කෙසේ වෙතත් පවතින අවශ්‍යතා මත අනෙකුත් භෝග සදහා ද කාබනික පොහොර ආනයනය කිරීමට පොහොර සමාගම් දෙකට අවසර ලබාදුන් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කළේ.

මේ අතර, ඔක්තෝම්බර් මාසය වන විට සියලු ම භෝග වගාවන් සඳහා හිඟයකින් තොර ව වෙළදපොළෙන් පොහොර මිල දී ගත හැකි වෙන පරිදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට ද පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මෙරට ප්‍රථම වරට කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙරටට දීමට නිෂ්පාදනය කරමින් පවතිනවා.

කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් අවශ්‍ය තරම් ආනයනය කර ඇති බව ද හෙක්ටයාර එකකට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 300ක් හා පොටෑසියම් කිලෝග්‍රෑම් 45ක් බැගින් ගොවියාට නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here