Home Hit සම්පත් රකින්න ආව ආණ්ඩුවක් සම්පත් විකිණීම සම්බන්ධයෙන් එකඟ වෙන්න බෑ

සම්පත් රකින්න ආව ආණ්ඩුවක් සම්පත් විකිණීම සම්බන්ධයෙන් එකඟ වෙන්න බෑ

65

දේශීය සම්පත් විදේශීකරණය කිරීම සහා ආර්ථික මර්මස්ථාන විකුණා දැමීමේ රජයේ ක්‍රියාවලිය කිසිසේත් අනුමත කල නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

රජයේ මෙම වැඩපිළිවෙල ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස නිදහස් පක්ෂය තරයේ හෙළා දකින බවයි එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ.

ඊයේ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළ කලේ.

සම්පත් රකින්න පැමිණි ආණ්ඩුවක් සම්පත් විකිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකඟවීමට හැකියාවක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here