Home Hit චීන සමාගමක් ඉදිකරන අධිවේගී මාර්ගයේ ප්‍රමිතිය සොයාබැලීමට උපදේශක ආයතනයක්

චීන සමාගමක් ඉදිකරන අධිවේගී මාර්ගයේ ප්‍රමිතිය සොයාබැලීමට උපදේශක ආයතනයක්

37

නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් ආධිවේගි මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදිකරනු ලබන අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් හා නඩත්තු අධීක්ෂණය සඳහා ස්වාධීන ඉංජිනේරුවරයෙකු වශයෙන් උපදේශක ආයතනයක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමු වී තිබේ.

ඒ, යෝජිත මාර්ගයේ ප්‍රමිතිය හා නියමිත කාලසීමාව තුළ ඉදිකිරීම් සහතික කරගැනීම සඳහාය.

ඒ අනුව ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී, ඒ සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කර යෝග්‍ය ආයතනයක් තෝරාගැනීම පිණිස අවශ්‍ය පියවරගැනීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

එම උපදේශක ආයතනයේ සේවා යෝජක වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කළයුතු බවද තීරණය කර තිබේ.

වසර 3ක් ඇතුළත අදාළ අධිවේගි මාර්ගය ඉදිකිරීමට නියමිතය.

මෙම අධිවේගි මාර්ගය ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්තුව සැලසුම් කොට, ඉදිකර, අරමුදල් සපයා, මෙහෙයුම් සිදුකර පවරා දීමේ පදනම මත (DBFOT) M/s China Harbour Engineering Corporation වෙත ප්‍රදානය කිරීමට 2021.05.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here