Home Hit දුමින්ද සිල්වා නිදහස් කිරීම ඇතුලු කරුණු රැසක් ගැන මානව හිමිකම් කොමසාරිස්වරියගේ අප්‍රසාදය

දුමින්ද සිල්වා නිදහස් කිරීම ඇතුලු කරුණු රැසක් ගැන මානව හිමිකම් කොමසාරිස්වරියගේ අප්‍රසාදය

155

හදිසි නීති රෙගුලාසි ඇතුලු ශ්‍රී ලංකාවට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී අද ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදීයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව දීම නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක් කිරීමක් බවටයි කොමසාරිස්වරිය චෝදනා කලේ.

එමෙන්ම 2008-2009 කාලසීමාවේදී පැහැරගැනීමට ලක්වූ තරුණයන් 11 දෙනෙකු ට එරෙහි නඩු විභාගය ඉදිරියට ගෙන යෑමෙන් වැළකී සිටීමට නීතිපතිවරයා ගත් තීන්දුවද මිෂෙල් බැෂ්ලේ මහත්මියගේ අප්‍රසාදයට ලක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here