Home Hit “රජ පවුල විනාශ වුනොත් රට ඉවරයි – අපි ඇඹුල් පේර කන්නම්” –...

“රජ පවුල විනාශ වුනොත් රට ඉවරයි – අපි ඇඹුල් පේර කන්නම්” – පාඨලී

58

ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පවා නොහැකි තත්වයකට අද වන විට ආණ්ඩුව පත්වී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අත්‍යවශ්‍යය නොවන භාණ්ඩ 623 ක් සදහා තැන්පත් මුදල් ඉහළ දැමීම හේතුවෙන් මෙරට කළු කඩ නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතින බවද මන්ත්‍රීවරයා සදහන් කළා.

පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවේ අසමත්භාවය එමගින් නැවතත් පෙන්නුම් කෙරෙන බවයි.

අත්‍යවශ්‍යය නොවන භාණ්ඩ 623 ක් සදහා තැන්පත් මුදල් හේතුවෙන් රට තුළ සුලූ සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම මහජනතාවද බරපතල අර්බුදයකට මුහුණ දෙන බවයි පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ.

ජනතාවට පිට රටින් ගේන මිදි කන්න එපා ගඩිගුඩා කන්නඇපල් කන්න එපා ඇඹුල් පේර කන්න එපා කියා පවසන ආණ්ඩුව ජනතාව එසේ සිටියත් රජ පවුලේ සියලුදෙනා ඒවා නොකා සිටියහොත් අසනීප වියහැකි බැවින් ඒවා විදේශ රටවලින් ගෙනවිත් වළඳන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියා.

එසේ නොවුනහොත් රජ පවුල ලෙඩ වී එය රටට ප්‍රශ්නයක් වය හැකි බවද ඒ මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here