Home Hit කැටන්දොළදී කන්ටේනරයක් ප්‍රපාතයකට පෙරලෙයි

කැටන්දොළදී කන්ටේනරයක් ප්‍රපාතයකට පෙරලෙයි

54

ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ කන්ටේනර් රථයක් රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේදී අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට ලක් වුණා.

කන්ටේනර් රථය මාර්ගයෙන් ලිස්සා ගොස් අනතුරට ලක්වන ආකාරය පසුපසින් පැමිණි වාහනයක ඉදිරිපස කැමරාවේ සටහන් වී තිබුණා.

සිද්ධියෙන් මෝටර් රථයක් සහ යතුරු පැදියක්ද අනතුරට ලක් වි ඇත.

කන්ටේනර් රථයට සහ මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති අතර යතුරුපැදිකරු සාමාන්‍ය තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කන්ටේනර් රථයේ හෝ මෝටර් රථයේ ගමන් කළ කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ. රත්නපුර පොලිසියේ රථවාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here