Home Hit ‘පාස්කු ප්‍රහාරය’ ජනාධිපතිතුමා බලයට එන්න කරපු කුමන්ත්‍රණයක් කියල බොරු පතුරවනවා

‘පාස්කු ප්‍රහාරය’ ජනාධිපතිතුමා බලයට එන්න කරපු කුමන්ත්‍රණයක් කියල බොරු පතුරවනවා

255

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වත්මන් ජනාධිපතිතු ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ඒම සඳහා එකල සිදු කරන ලද කුමන්ත්‍රණයක් යයි පිරිසක් විසින් මතයක් සැකසීමට උත්සාහ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණ පවත්වා ඇති බවත් තවදුරටත් පවත්වන බවත් ආරක්ෂක ලේකම්වරයා ලෙස වගකීමෙන් පවසන බවද ඔහු සඳහන් කළේය.

දැනටමත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා ඇති බවද පැවසූ ඔහු බොරු මත වලට නොරැවටෙන්නැයි තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here