Home Hit “රෙදි ඇඳගෙන අගමැතිට වතිකානුවට යන්න බෑ – පාස්කු ප්‍රහාරය වුනේ පැහැදිලිවම වත්මන්...

“රෙදි ඇඳගෙන අගමැතිට වතිකානුවට යන්න බෑ – පාස්කු ප්‍රහාරය වුනේ පැහැදිලිවම වත්මන් ආණ්ඩුව දැනුවත්ව”

313

කාදිනල් හිමිපාණන්ගේ සටනට දායකත්වයක් ලබාදීමේ අරමුණෙන් ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන සහ බෞද්ධ රටවල් වලට සංදේශයක් බාරදීමට කටයුතු කරන බව පුජ්‍ය පාහිංගල ආනන්ද සාගර හිමි පවසනවා.

උන්වහන්සේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ මෙරට තානාපති කාර්යාල හරහා එම සංදේශ බාර දීමට කටයුතු කරන බවයි.

මිනිසුන්ගේ ජිවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා මැදහත්වන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටීමට සිදුව තිබෙන බව උන්වහන්සේ මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේය.

පාස්කු දින ප්‍රහාරය සිදුවුනේ පැහැදිලිව වත්මන් ආණ්ඩුව දැනුවත්ව බවත් අගමැතිවරයාට හෝ එම පිරිසට රෙදි ඇඳගෙන වතිකානුවට යාමට නොහැකි බව වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here