Home Coronavirus 2020 කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවේ රැඳී සිටීමෙන් කිසිදු පලක් නෑ – තවත් විශේෂඥ...

කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවේ රැඳී සිටීමෙන් කිසිදු පලක් නෑ – තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

306

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද ඊයේ (07 වැනිදා) ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ තව දුරටත් මෙම කමිටුවේ රැඳී සිටීමෙන් කිසිදු පලක් නොමැති බව තමන්ට හැඟී යාම නිසා බවයි අප කළ විමසීමකදී විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න කියා සිටියේ.

මෙම තාක්ෂණික කමිටුවෙන් මීට පෙර මහාචාර්ය නීලිකා මලවිගේ , කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන වෛද්‍යවරුන් ද ඉල්ලා අස්වූ අතර වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කමිටුවෙන් ඉල්ලා අස්වෙමින් කියා සිටියේ කමිටුව ගන්නා ඇතැම් තීරණ සම්බන්දයෙන් තමන්ට එකඟ විය නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here