Home Hit ‘ආඩම්බර වියහැකි ජයග්‍රහණයක් ලබා දුන්නාට ස්තුතියි!’ – ජනපතිගෙන් ක්‍රිකට් කණ්ඩායමට පැසසුම්

‘ආඩම්බර වියහැකි ජයග්‍රහණයක් ලබා දුන්නාට ස්තුතියි!’ – ජනපතිගෙන් ක්‍රිකට් කණ්ඩායමට පැසසුම්

66

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පරදා, එක්දින තරගාවලිය ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකා කි‍්‍රකට්කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා.

ආඩම්බර වියහැකි තරමේ ජයග‍්‍රහණයක් අත් කර දීමට කැපවූ කි‍්‍රකට් කණ්ඩායමටත්, පුහුණුකරුවන්ටත් සිය ස්තූතියි පුද කරන බව ජනාධිපතිවරයා පවසයි.

ට්විටර් පණිවිඩයක් ඔස්සේ ජනාධිපතිරයා සිය සුබ පැතුම් කි‍්‍රකට් කණ්ඩායමට එක්කර තිබේ.

ඒ, ඊයේ (07) පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 78ක විශිෂ්ට ජයක් වාර්තා කිරීම සමඟ දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම හේතුවෙනි.

ඒ අනුව, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2ට 1ක් ලෙස ජය ගත්තේය.

කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරඟයේ කෙටි ලකුණු පුවරුව මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here