Home Hit මෙරටදී වාහන එකලස් කිරීමට අවසර

මෙරටදී වාහන එකලස් කිරීමට අවසර

255

මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බව අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී සඳහන් කළේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බවය.

“මෙරටට වාහන ආනයනය තාවකාලිකව නතර කළේ පවතින විදේශ විනිමය අර්බුදය නිසා. අපේ විදේශ විනිමය අර්බුදය ක්‍රමානුකූලව විසඳෙයි කියලා බලාපොරොත්තුවෙනවා. එතෙක් කර්මාන්ත ඇමතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදීලා තියෙනවා. ඒ කටයුතු පෞද්ගලික අංශය මගින් තමයි සිදු කරන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here