Home Hit හදිසි නීති රෙගුලාසි විවාදය අද

හදිසි නීති රෙගුලාසි විවාදය අද

104

හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය අද (06) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එම තීරණය ගෙන තිබුණි.

ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය සඳුදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතව තිබේ.

මේ අතර පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට පමණක් සීමාකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here