Home Hit ශ්‍රී ලාංකිකයෙකු විසින් නවසීලන්තයේ සුපිරි වෙළදසලකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරයි

ශ්‍රී ලාංකිකයෙකු විසින් නවසීලන්තයේ සුපිරි වෙළදසලකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරයි

161

නවසීලන්තයේ සුපිරි වෙළඳසැලකට අද එල්ල වූ ප්‍රහාරය “ත්‍රස්ත ප්‍රහාරයක්” බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් පවසනවා.

එම ප්‍රහාරය සිදුකර ඇත්තේ ඉස්ලාමීය රාජ්‍ය මතවාදය අනුගමනය කරන සහ පොලිසියේ දැඩි අධීක්ෂණය යටතේ සිටි “ප්‍රචණ්ඩ අන්තවාදියෙකු” විසින් බව ඇය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුද්ගලයා බටහිර ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැලකට ඇතුළු වී පුද්ගලයින් කිහිප දෙනෙකුට තුවාල සිදුකිරීමේදී පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.

සැකකරු ප්‍රහාරය ආරම්භ කර තත්පර 60 ක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමට නවසීලන්ත පොලිසිය සමත්ව ඇති බවද අගමැතිනිය කියාසිටියා.

තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ

ත්‍රස්තවාදියා යැයි කියන පුද්ගලයා 2011 වසරේ නවසීලන්තයට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වන අතර 2016 සිට ජාතික ආරක්ෂාව සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයෙකු බවට වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here