Home Hit ‘රජයට කැමති අය බේරන්නේ නැතුව පාස්කු කොමිසමේ නිර්දේශ අනුව නඩු පවරන්න’

‘රජයට කැමති අය බේරන්නේ නැතුව පාස්කු කොමිසමේ නිර්දේශ අනුව නඩු පවරන්න’

130

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කල විශේෂ ජනාධිපති විමර්ශණ කොමිසම් වාර්තාවේ ඇතුලත් වූ නිර්දේශ අනූව වැරදිකරුවන්ට නඩු පවරන්නැයි සමගි ජන බලවේගය රජයට බල කරනවා.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියා.

පාස්කු කොමිසමේ නිර්දේශ නොව රජය විසින් සිය කැමැත්ත මත විවිධ පුද්ගලයින් තෝරාබේරා ගනිමින් දඩුවම් පැමිණවීමට සුදානම් වන බවක් පෙනී යන බව ඔහු එහිදී කියා සිටියේ.

කාදිනල් හිමිපාණන් ද කියා සිටින්නේ පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස බවයි මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here