Home Coronavirus 2020 අපිට එපා – එන්නත් නැති දුප්පත් රටකට දෙන්න – උතුරු කොරියාව යළිත්...

අපිට එපා – එන්නත් නැති දුප්පත් රටකට දෙන්න – උතුරු කොරියාව යළිත් කොවිඩ් එන්නත් එපා කියයි

252

මාත්‍රා මිලියන 3ක සිනොවැක් කොවිඩ් එන්නත් ප්‍රදානයක් උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර තිබේ.

කොවැක්ස් පහසුකම යටතේ ලැබීමට නියමිතව තිබූ මෙම එන්නත් තොගය එන්නත් හිඟ වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින රටකට ලබා දෙන ලෙස උතුරු කොරියාව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුප්පත් රටවලට එන්නත් ලබා ගැනීම උදෙසා වූ කොවැක්ස් වැඩසටහන යටතේ චීනයේ නිෂ්පාදිත එම සිනොවැක් එන්නත් තොගය උතුරු කොරියාව සඳහා වෙන් කර තිබිණ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, පසුගිය අගෝස්තු 19 වන තුරුත් උතුරු කොරියාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හඳුනාගත් බවට වාර්තාවී නොමැති බවයි.

සෞඛ්‍ය සේවකයින් ඇතුළු උණ සහිත පුද්ගලයින් 37,291 පමණ පරීක්ෂාවට ලක් කර ඇතත් එම පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ඔවුන් කිසිවෙකු ත් කොරෝනා ආසාදිතයින් නොවන බවයි.

උතුරු කොරියාව කොරෝනා වෛරස ව්‍යාප්තිය මූලාරම්භයේදී ම රට තුළට වෛසරය ඇතුළු වීම පාලනයට දැඩි නීතිරීති බලාත්මක කළ අතර එරට සැලකෙන්නේ, වෛරස ව්‍යාප්තිය ආරම්භයේදී ම දේශසීමා වසා දැමූ පළමු රටවල් කිහිපය අතරින් එකක් ලෙසයි.

උතුරු කොරියාව කොවිඩ් මර්දන එනන්ත් ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය ජුලි මාසයේදී ද මිලියන 2කට ආසන්න ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත් තොගයක් මෙන්ම රුසියාව ලබා දීමට සූදානම් වූ ස්පුට්නික් එන්නත් ද ප්‍රතික්ෂේප කර තිබිණ.

කෙසේ වෙතත් උතුරු කොරියාව කොවිඩ් -19 එන්නත්වල සාර්ථකභාවය පිළිබඳව නිරන්තරව සැක පළ කරන අතර අමෙරිකාවේ සහ යුරෝපයේ ඇතැම් සිදුවීම් පිළිබඳ වාර්තා කිරීමට සිය රටේ රාජ්‍ය මාධ්‍යයෙහි වැඩි ඉඩක් වෙන් කර තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here