Home Hit හෙට සිට සහල් හා සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

හෙට සිට සහල් හා සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

185

සහල් හා සීනි සඳහා හෙට සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

මේ අතර සීනි ආනයනකරුවන් විසින් සඟවා තිබියදී අත්‍යවශ සේවා කොමසාරිස් භාරයට ගත් සීනි තොග සතොස සහ සමුපකාර අලෙවිසැල් හරහා වෙළඳපොලට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

වෙළඳපොල තුල කෘතිම සීනි හිගයක් මවා පාමින් මිල ඉහළ දැමීමටයි සීනි ආනයනකරුවන් කටයුතු කර තිබුණේ.

ඒ හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් සිදු කර අත්අඩංගුවට ගත් සීනි තොග අද නිල වශයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වෙත භාරදී තිබෙනවා.

මෙම අවස්ථාවට එක්වෙමින් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළේ නීති විරෝධී ආකාරයෙන් මෙලෙස පවත්වාගෙන යන අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ගබඩා සියල්ල වැටලීමට සහ එම භාණ්ඩ තොග රජයේ සහතික මිලට සතොස හා සමුපකාර අළෙවිසැල් හරහා පාරිභෝගිකයා වෙත ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සලසා ඇති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here