Home Hit ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මංගලට පිං පමුණුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මංගලට පිං පමුණුවයි

174

හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට පිං පැමිණවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සංවිධානය කළ ආගමික වැඩසටහනක් එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ඊයේ (26) පස්වරුවේ පැවැත්විණි.

හිටපු ජනාධිපතිවරයා ඇතුළු පක්‍ෂ නියෝජිතයෝ පළමුව බෝධීන් වහන්සේ අභියස මල් පහන් පූජා කර අනතුරුව බෝධීන් වහන්සේ වෙත චීවරයක් ද පූජා කළහ.

අනතුරුව ආගමික වතාවත් සිදුකර පැන්වඩා මංගල සමරවීර මහතාට පිං පැමිණවීම සිදුකළහ.

ගංගාරාම විහාරාධිකාරී, ආචාර්ය කිරින්දේ අස්සජි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා සයනමක් මෙම ආගමික වතාවත් මෙහෙයවූ අතර පිංකම අවසානයේ දී උන් වහන්සේලා වෙත පිරිකර පූජා කිරීම ද සිදුකෙරිණි.

මංගල සමරවීර මහතාට පිං පැමිණවීමේ කටයුතුවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් මෙන්ම ඇසුරු කළ අවංක මිත්‍රයෙක් වන මංගල සමරවීර මහතාට පිං පැමිණවීම වෙනුවෙන් මෙම පිංකම සංවිධානය කළ බවයි.

තමාගේ දැක්ම, දර්ශනය තුළ තමන් විසින් කිව යුතු දේ නොබියව ප්‍රකාශ කළ අයකු වන මංගල සමරවීර මහතා පිළිබඳ නොයෙක් විවේචන හොඳ නරක තිබුණත් ඔහු ඍජු ලෙස තම මතය ප්‍රකාශ කළ දේශපාලනඥයෙක් බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

දූෂිතයෙක් නොවන එතුමා වැනි රටට අවශ්‍ය දේශපාලනඥයකු අහිමිවීම ගැන අප ඔහුගේ හිතවතුන් ලෙස මෙන්ම පක්‍ෂයක් ලෙස ද කණගාටු වන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

May be an image of 1 person, standing and indoor
May be an image of standing, food and indoor
May be an image of 1 person, standing, food and indoor
May be an image of one or more people and people standing
May be an image of 1 person and standing
May be an image of 2 people and people standing
May be an image of 4 people, people sitting, people standing and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here