Home Education උසස් පෙළ හා 5 ශ්‍රේණියේ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා 5 ශ්‍රේණියේ සිසුන්ට දැනුම් දීමක්

145

2021 උසස් පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

එය පසුගිය ජූලි 31 වනදායින් අවසන් කිරීමටයි මීට පෙර සැළසුම් කර තිබුණේ.

මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමටයි දැනට කටයුතු යොදා ඇත්තේ.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා දින පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

කෙසේවෙතත් රට තුළ පවතින තත්වය සළකා බලා මෙම දින වකවානු පිළිබඳ අවසන් තීරණයක් ගැනෙනු ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here