Home Hit මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාරට අලුත් තනතුරක්

මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාරට අලුත් තනතුරක්

102

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.
මෙම පත් කිරීම සිදුකරනු ලැබ ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියත්මක ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍යවරයා විසින් අරලියගහ මන්දිරයේදී අද (26) මන්ත්‍රීවරයා වෙත පිරිනැමූ බවයි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහලේකම් මන්ත්‍රී සාගර කාරියවසම් , පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, නීතිඥ චමින්ද කුලරත්න මහතා ද එක්ව සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here