Home Health කඩිනමින් මෙරට ඖෂධ කර්මාන්තශාලා ආරම්භ කරන්න – සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්

කඩිනමින් මෙරට ඖෂධ කර්මාන්තශාලා ආරම්භ කරන්න – සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්

143

ආයෝජකයින් යොදා ගනිමින් කඩිනමින් මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.

ඒ සඳහා නිසි මිලදී ගැනීමේ සහතිකයක් ලබාදීමට හැකි බවත්, එමගින් කලාපීය රටවලට පහසුවෙන්ම ඖෂධ අපනයනය ද කළ හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කලා.

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදය සමග පැවති සාකච්ඡාවකදීයි ඔහු මේ බව කියාසිටියේ. මෙරටට ආනයනය කරන ඖෂධ අත්‍යවශ්‍ය ප්‍රදේශ කරා කඩිනමින් ඛෙදාහැරීම කෙරෙහි මූලික අවධානය යොමු කළයුතු බව රඹුක්වැල්ල මහතා සඳහන් කලා.

ඖෂධ ගෙන්වීම, ඛෙදාහැරීම, අලෙවි කිරීම තුළින් යම් වාසියක් එම ක්ෂේත්‍රයේ පිරිස් සඳහා අත්වන්නේ නම් මෙම අවස්ථාවේ එහි උපරිම සහනය ජනතාව වෙත ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.

ඖෂධ සඳහා ගැසට් නිවේදනයක් මගින් මිල පාලනයක් ගෙන එනු ලැබූවද ඉදිරියේදී මිල ක්‍රමවේදයක් සකස් වියයුතු බවට මෙහිදී ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදය අමාත්‍යවරයාට යෝජනා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here