Home Coronavirus 2020 ලාමා (Llama) සත්වයින්ගේ ප්‍රතිදේහ කොරෝනා වෛරසය පරදවයි ද?

ලාමා (Llama) සත්වයින්ගේ ප්‍රතිදේහ කොරෝනා වෛරසය පරදවයි ද?

225

ලාමා සත්වයාගේ සිරුර තුළ කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීමට හැකි ස්වාභාවික ප්‍රතිදේහ නිපදවෙන බව අනාවරණය වී තිබේ.

බෙල්ජියමේ වෛද්‍ය ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ (VIB-UGent Center for Medical Biotechnology) පර්යේෂකයින් පිරිසක් පවසන්නේ, ලාමා සත්වයෙකුගෙන් ගත් ප්‍රතිදේහ මගින් කොරෝනාවෛරසය සහ එහි ප්‍රභේදවල ප්‍රබලත්වය දුර්වල කරනු ලබන බව රසායනාගාරයක සිදු කළ පරීක්ෂණයකදී තහවුරු වූ බවය.

මෙම ප්‍රතිදේහ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සාර්ථක ලෙස සටන් කරන බව වෛද්‍ය ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් ආරක්‍ෂා කිරීමට සහ රෝහල්ගතව සිටින ආසාදිතයින් ප්‍රතිකාර කිරීමේ එන්නත වෙනුවට මෙය ආදේශ එන්නතක් බව වෛද්‍ය ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් පවසා තිබේ.

සාර්ස් සහ මර්ස් වෛරස රෝගය මර්දනය කිරීම සඳහා 2016 වසරේ ද ලාමා ප්‍රතිදේහ අධ්‍යයන සිදු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here