Home Coronavirus 2020 රෝහල්වල ඇති ඖෂධ හිඟය නිසා කොවිඩ් රෝගීන් අවදානමක

රෝහල්වල ඇති ඖෂධ හිඟය නිසා කොවිඩ් රෝගීන් අවදානමක

127

නිර්වින්දනය කළ යුතු සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සදහා ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක බරපතළ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසනවා.

බදුල්ල පළාත් මහ රෝහලේ මෙම ඖෂධ හිඟයක් පවතින බවට කළ සොයාබැලීමක දී දිවයිනේ සෙසු රෝහල්වල සහ මධ්‍යම බෙහෙත් ගබඩාවේ ද එම ඖෂධ වර්ග හිඟ බවට අනාවරණ වූ බවයි මාධ්‍යයට අදහස් දක්වමින් පාලිත රාජපක්ෂ මහතා අනාවරණ කළේ.

කොවිඩ් ආසාදිත ව බරපතළ තත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ද අදාළ ඖෂධ වර්ග අත්‍යාවශ්‍ය බැවින් ඒවා හිඟවීම හරහා කොවිඩ් ආසාදිතයින් බරපතළ අවදානමකට ලක්වන බව ද වෛද්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here