Home Hit සර්ෆින්ග් සඳහා ආරුගම්බේ විවෘත කිරීමට රජය ගත් තීරණය සංචාරකයින්ගේ පැසසුමට

සර්ෆින්ග් සඳහා ආරුගම්බේ විවෘත කිරීමට රජය ගත් තීරණය සංචාරකයින්ගේ පැසසුමට

193

ආරුගම්බේ වෙරළ තීරයේ නිරෝධායන රෙගුලාසි යටතේ සර්ෆින්ග් ක්‍රීඩාවේ නියැලීමට ඉඩ සලසාදීම පිළිබඳව ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් රජයට සංචාරකයින් ප්‍රශංසා කර තිබෙනවා.

සර්ෆින්ග් ක්‍රීඩාව සඳහා පැමිණි සංචාරකයින් මාසයක් මෙරට රැඳී සිටීමට නියමිත නමුත් පසුගිය සතියේ සිකුරාදා රාත්‍රියේ සිට දින දහයක් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අපහසුතාවට පත් වූහ.

රජය මැදිහත් වී තමන්ට මෙරට රැඳී සිටීමට ඉඩ සලසාදීම සම්බන්ධයෙන් හෝටල් හිමියන් මෙන්ම සංචාරකයින් ද ස්තූතිවන්ත වී තිබෙනවා

ලොව පුරා සැරිසරන හොඳම ගමනාන්ත දහය අතුරින් එකක් ලෙස ශ්‍රේණිගත කර ඇති ආරුගම්බේ වෙරළ තීරයේ සර්ෆින්ග් ක්‍රීඩාවේ නිරත වීම සඳහා සෑම වසරකම ලොව පුරා සංචාරකයින් මෙරටට පැමිණේ.

– Colombo Page –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here