Home Coronavirus 2020 කොවිඩ් මර්දනයට ජනාධිපතිට “මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ගතයුතු පාඩම නිරෝෂන් පාදුක්ක...

කොවිඩ් මර්දනයට ජනාධිපතිට “මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ගතයුතු පාඩම නිරෝෂන් පාදුක්ක කියයි

285

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදි නිවැරදි කරගන්නවා නම් මේ දිනවල අතිශය ජනප්‍රිය යොහානි ද සිල්වා ගායනා කරන “මැණිකේ මගේ හිතේ” ගීතයත් ප්‍රමාණවත් බව සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජික නිරෝෂන් පාදුක්ක මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ එම ගීතය මුලින් ගායනා කළේ වෙනත් අයෙකු වුවත් මේ වන විට යොහානි ද සිල්වා මෙනෙවිය ගායනා කරන එම ගීතය ඉන්දියාව පුරාද අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බවයි.

ඒ අකාරයෙන් කොවිඩ් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා තීන්දු ගැනීමේදී ඒවා ජනාධිපතිවරයාගෙම ප්‍රතිපත්ති හා තීන්දු නොවිය යුතු බවත් සර්ව පාක්ෂික සමුළු කැදවා විපක්ෂයේ පක්ෂවල මෙන්ම විද්වතුන්ගේද අදහස් විමසා ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.

ඉන්පසු එහි සාර්ථකභාවයේ සම්පූර්ණ ලකුණු ජනාධිපතිවරයා ලබාගත්තාට කිසිදු ගැටළුවක් පැන නොනගින බවද නිරෝෂන් පාදුක්ක මහතා පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here