Home Hit පාස්කු දින ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක්ද? ප්‍රශ්න කළ ශෙහාන්ට CID යෙන් කැඳවීමක්.

පාස්කු දින ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක්ද? ප්‍රශ්න කළ ශෙහාන්ට CID යෙන් කැඳවීමක්.

347

සමාජ ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයා ලිපියක් යොමුකරමින් අද සවස 4.00ට කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවත් එකී කාරණාව සම්බන්ධයෙන් අවස්ථාගත කරුණු ඔහු සතුව ඇති බව වාර්තා වී ඇති බැවින් මෙම කැඳවීම කර ඇති බවට එම ලිපියේ තවදුරටත් සඳහන් වනවා.

පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉකුත්දා මාධ්‍ය හමුවකදී ෂෙහාන් මාලක ගමගේ කරුණු දක්වමින් කියා සිටියා.

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here