Home Hit ඖෂධ මිල ඉහළට – කෙහෙළියගේ පළමු ගැසට්ටුවෙන් 60කට පාලන මිලක්

ඖෂධ මිල ඉහළට – කෙහෙළියගේ පළමු ගැසට්ටුවෙන් 60කට පාලන මිලක්

187

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල සියයට 9 කින් පමණ ඉහළ යන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.

ජාතික ඖෂධ අධිකාරි පනතට අනුව එම අති විශේෂ ගැසට් නිවේදනය ඉකුත් 19වනදා නිකුත් කෙරුණා.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් විෂය භාර අමත්‍යවරයා ලෙස නිකුත් කළ පළමු ගැසට් නිවේදනය වනවා.

පැරසිටමෝල්, ඇස්ප්‍රින් ඖෂධ 60 කට සහ අක්ෂි කාච 27 කට මෙන්ම වෛද්‍ය උපකරණ 2 කට උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.

ඒ අනුව දියවැඩියාව, අධික රුධිර පීඩනය, වේදනානාශක ඇතුලු රෝග රැසකට මෙන්ම කොරෝනා ආසාදිතයන්ට ලබාදෙන ඖෂධ කිහිපයකද මිල ඉහළ යන බවයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here