Home Business රුපියල යළිත් අවප්‍රමාණ වෙයි

රුපියල යළිත් අවප්‍රමාණ වෙයි

275

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල යළිත් අවප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව රුපියලේ ගැනුම් මිල රුපියල් 198.19ක් ලෙස දැක්වුණු අතර, විකිණුම් මිල සටහන් වී තිබුණේ 202.89ක් ලෙසයි.

කෙසේ වෙතත් මේ වනවිට වෙළඳපොලේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 211 සිට 215 දක්වා අලෙවි වනවා.

මහ බැංකුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල සඳහා රුපියල් 202.89ක බර තැබීමක් සිදුකර තිබුණ ද, පෞද්ගලික බැංකු මේ වනවිට මෙම අනුපාතයන් අතහැර දමා තිබෙනවා.

ඊයේ දේශීය පෞද්ගලික බැංකු ආනයනකරුවන් සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 211ක විනිමය අනුපාතයක් රඳවාගත් අතර, විදේශීය බැංකු රඳවාගත් අනුපාතය රුපියල් 215 දක්වා ඉහළ දමා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here