Home Hit පොදු හුවමාරුව නැවතුනහොත් ජනතාවට කන්න නැතිව මැරෙන්න වෙනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධණ

පොදු හුවමාරුව නැවතුනහොත් ජනතාවට කන්න නැතිව මැරෙන්න වෙනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධණ

144

විදේශ විනිමය නොමැතිවුවහොත් ඖෂධ ගෙන්වීමට නොහැකි වනු ඇති බවත් ආනයන අපනයන ක්‍රියාවලිය හා පොදු හුවමාරුව නැවතුනහොත් ජනතාවට කන්න නැතිව මැරෙන්න වෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා පවසයි.

“බෙහෙත් ගේන්න, තෙල් ගේන්න විදේශ විනිමය රට ඇතුළට එන්න ඕන. තේ පිටරට පැටෙව්වේ නැත්නම් රබර් පිටරට යැව්වේ නැත්නම්, පොල් පිටරට යැව්වේ නැත්නම් සුළු කෘෂි භෝග යැව්වේ නැත්නම් මේ ටික ගේන්න සල්ලි නෑ.

සල්ලි නැතිවුණොත්, කර්මාන්තය නැති වුණොත් විදේශ විනිමය නැත්නම් මේවා ගේන්න බැරිවුණොත් බෙහෙත් ටිකවත් නැතිව තමයි ජනතාවට මිය යෑමට සිදුවෙන්නෙ.

මේ අමාරු ක්‍රියාවලියේ හැම පුද්ගලයෙකුටම නිවසින් එළියට එන්නේ නැතිව ඉන්නවනම්, ස්වයං නිරෝධායනය වෙන්න පුළුවන්නම් හැම කෙනෙක්ම එහෙම වෙන්න.

ඕනම වෙළඳසැලසක් වසන්න හැබැයි ආනයනය අපනයනය ක්‍රියාවලිය හා පොදු හුවමාරුව නතර කරන්න එපා.

එහෙම වුණොත් කන්න නැතිව තමයි මැරෙන්න වෙන්නේ. සීනි මිල ඉහළ යෑමක් තියෙනවා. පරිප්පු මිල ඉහළ යෑමක් තියෙනවා. අර්තාපල් මිල ඉහළ යාමක් තියෙනවා. දේශීය නිශ්පාදන ලැබුණොත් අඩුවෙයි.

එහෙම නැතිව රටක් ලොක්ඩවුන් කරන්න, හිර කරන්න මිල වැඩිවෙන එක වෙනවා. කඩ සාප්පු සියල්ලම තමන් වැසුවට කමක් නෑ. කිසිම බලපෑමක් කරන්නේ නෑ. අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පිටකොටුව කුමන හේතුවක් නිසාවත් වහන්නේ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here