Home Hit ආණ්ඩුව නිවැරදි තීරණ හරි වෙලාවට නොගැනීම නිසා ජනතාව මිහිපිට අපායකට ඇද වැටිලා...

ආණ්ඩුව නිවැරදි තීරණ හරි වෙලාවට නොගැනීම නිසා ජනතාව මිහිපිට අපායකට ඇද වැටිලා – රුවන් විජයවර්ධන

102

ජනතාව ගැන නොසිතා තමන් ගැන පමණක් සිතන ආණ්ඩුව නිසා ඉතිහාසයේ කිසි දිනක නොවූ තරම් ආර්ථික සහ රෝග බියෙන් යුතු අගාධයකට ජනතාව ඇද වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුවක මූලික ලක්ෂණයක් විය යුත්තේ නිවැරදි තීරණ හරි වෙලාවට ගැනීම බව  කී විජයවර්ධන මහතා එම ලක්ෂණ නැති ආණ්ඩුව නිසා ජනතාව මිහිපිට අපායකට ඇද වැටී තිබෙන බවද සඳහන් කළේය.

ආණ්ඩුව කොරෝනා මර්දනය අතහැරීම හේතුවෙන් වෙළෙඳ සංගම් මැදිහත් වී ජනතාව ආරක්ෂා කිරීමට පියවර ගැනීම ගැන ආණ්ඩුව ලැජ්ජා විය යුතු බව ද  විජයවර්ධන මහතා කීය.

රජයේ ඇතැම් පාර්ශව මෙය ස්වයං විනයක් ලෙස හැදින්වුව ද මෙයින් පැහැදිලි වන්නේ රටේ ආණ්ඩුවක් නැති බව රටට පෙන්වා දීමක් බව කී නියෝජ්‍ය නායකයා එයින් පැහැදිලි  වන්නේ රට අරාජික වී ඇති බව යැයිද සඳහන් කළේය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී  රුවන් විජයවර්ධන මහතා මෙි බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here