Home Coronavirus 2020 “රටේ තීන්දු තීරණ ගන්නේ ජෝකර්ලා – බිල්ලට යන්නේ රටේ ජනතාව” – රාසමානික්කම්

“රටේ තීන්දු තීරණ ගන්නේ ජෝකර්ලා – බිල්ලට යන්නේ රටේ ජනතාව” – රාසමානික්කම්

257

අද රටේ තීන්දු තීරණ ගනු ලබන්නේ ජෝකර් ලා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්කම් මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීමේදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය ඒ පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බව පැවසීමෙන් පෙනී යන්නේ ඇයගෙන් කිසිඳු විමසීමක් නොකර අලුතෙන් භාරදුන් අමාත්‍යාංශය කිරීමට හැකියාවක් තිබේදැයි යන්න හෝ නොවිමසා නව අමාත්‍යාංශ භාරදී ඇති බවයි.

එහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළ කතාවක් උපුටා දක්වමින් රාසමානික්කම් මහතා අවධාරණය කලේ මේ අවස්ථාවේ බිල්ලට යාමට සිදුව ඇත්තේ වත්මන් රජයේ කිසිවකුට නොව රටේ ජනතාවට බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here