Home Hit බංග්ලාදේශ ණයෙන් මිලියන 50ක් මේ සතියේ

බංග්ලාදේශ ණයෙන් මිලියන 50ක් මේ සතියේ

185

දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට බංග්ලාදේශය විසින් ලබාදෙන මූල්‍ය පහසුකමේ කොටසක් මේ සතියේදී ලබාදීමට බංග්ලාදේශ කටයුතු කර තිබේ.

ඒ අනුව බංග්ලාදේශයෙන් ඉල්ලුම්කර ඇති ඩොලර් මිලියන 250ක මූල්‍ය පහසුකමෙන් ඩොලර් මිලියන 50ක මුදලක් මේ සතියේදී ලැබීමට නියමිතය.

ලෝකයේ ඕනෑම රටක් වෙනුවෙන් බංග්ලාදේශය ලබාදෙන පළමු ණය ලෙස මෙම හැදින්වෙයි. මේ සඳහා ගිවිසුම පසුගිය අගෝස්තු 03 දා අත්සන් කර තිබේ.

ඩොලර් මිලියන 250ක ණය මුදල අදියර තුනක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන අතර පළමු ඩොලර් මිලියන 50 ලබාදීමෙන් පසුව දෙවැනි ඩොලර් මිලියන 200 අවස්ථා දෙකකදී ඩොලර් මිලියන 100 බැගින් ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකා මහ බැංකුවට මෙම ණය මුදල නියමිත දිනට ගෙවා ගැනීමට නොහැකිවුවහොත් තවත් අතිරේක මාස තුනක කාලයක් හිමිවෙයි. එම කාලයේදීද ණය ගොවා ගැනීමට නොහැකි නම් තවත් අතිරේක මාස තුනක කාලයක් හිමිවෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදෙශයේ කළ සංචාරයේදී මෙම මූල්‍ය පහසුකම වෙනුවෙන් ඉල්ලා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here