Home Coronavirus 2020 මෙරටින් ඩෙල්ටා විකෘති ප්‍රභේද තුනක් හඳුනා ගෙන තිබෙනවා – රාජ්‍ය අමාත්‍ය...

මෙරටින් ඩෙල්ටා විකෘති ප්‍රභේද තුනක් හඳුනා ගෙන තිබෙනවා – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජයසුමන

157

දැනට මෙරට පැතිර යන ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ තවත් විකෘති ප්‍රභේද 3ක් හඳුනාගෙන ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

SA 222V, SA 701S, SA 1078S නමින් හඳුන්වන සප්යික් ප්‍රෝටිනය ඇති වීමට හේතුවන ජාන කෙතයන්හි වෙනසක් මෙරට ඇති ඩෙල්ටා ප්‍රභේදයේ ඇතිව තිබෙන බව මේ වනවිට අනාවරණය කරගෙන ඇති බව ඔහු අද පාර්ලිමේන්තුවේ පැවසීය

මේ වන විට එම ඩෙල්ටා ප්‍රභේදය සියයට 60ත්, 70ත් අතර වේගයකින් පැතිර යන බව ද ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here