Home Hit “කඩකාරයෝ එදා කඩ වැහැව්වේ නෑ – මේ හදන්නේ රට අක්‍රීය කරන්න” –...

“කඩකාරයෝ එදා කඩ වැහැව්වේ නෑ – මේ හදන්නේ රට අක්‍රීය කරන්න” – ඇමති ජොන්ස්ටන්

259

රටපුරා විවිධ නගර වල වෙළඳසැල් ස්වේච්ඡාවෙන්ම වැසීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද අදහස් දක්වා සිටියා.

මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පසුගිය දිනවල උද්ඝෝෂණ පවත්වන විට එයට එරෙහි වෙමින් වෙළඳසැල් වසා දැමීමට කටයුතු නොකළ වෙළඳසැල් හිමියෝ අද රටේ ආර්ථිකය අක්‍රීය කිරීමට එලෙස කටයුතු කරන බවයි.

මේ වෙළඳසැල් වැසීම පිටුපස දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවද සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේනම් රට වැසීම සම්බන්ධයෙන් කතා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

එමෙන්ම අද ජනාධිපතිවරයා කළ අමාත්‍ය සංශෝධනය සම්බන්ධයෙන්ද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදී අදහස් දක්වා සිටියා.

1 COMMENT

  1. රජය කළයුතු දේ නිසි කලට නොකළ නිසා මිනිස්සු ස්වයංක්‍රීයව තීරණ ගත්ත……! මූ කියනව ඒකත් කඩාකප්පල් ක්‍රියාවක් කියල……!! මිනීමරු ආණ්ඩුවක්……!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here