Home Hit ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අවලංගු කරන්න – SJB කතානායකගෙන් ඉල්ලයි

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අවලංගු කරන්න – SJB කතානායකගෙන් ඉල්ලයි

82

ලබන සතියට නියමිත පාර්ලිමේන්තු රැස්වීම් අවලංගු කරන්නැයි සමගි ජන බලවේගය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිඛෙනවා.

පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තානයක මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ට කොරෝනා වැළදි ඇති මොහොතක පාර්ලිමේන්තුව රැස්වීම යෝග්‍ය නොමැති බවයි.

මේ වනවිට කොවිඩ් වයිරසය සමාජගත වී තිබීමත් පාර්ලිමේන්තුවේ විශාල සේවක සංඛ්‍යාවක් සේවය කිරීම හේතුවෙන් ඔවුන්වද අවදානමට ලක්නොකර ලබන සතියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුව රැස්වීම අගෝස්තු මස අවසන් සතිය දක්වා කල්දැමීමට ඉල්ලා ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here