Home Hit කාදිනල් හිමිපාණන් ජනපතිගේ පිළිතුර ප්‍රතික්ෂේප කරයි – විරෝධය දක්වන්න 21 රට පුරා...

කාදිනල් හිමිපාණන් ජනපතිගේ පිළිතුර ප්‍රතික්ෂේප කරයි – විරෝධය දක්වන්න 21 රට පුරා කළු කොඩි ඔසවයි

345

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව ඉකුත් ජූලි මස 12 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකළ ලිපියට පිළිතුරු ලෙස ඒවා ඇති ලිපිය ලිස්සා යන සුළු පිළිතුරකින් සමන්විත බව අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කලේ අද අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්

රට තුළ ඇති සෑම ක්ෂේත්‍රයකම ගැටළු වලට වත්මන් රජයට නිසි පිළිතුරක් ලබාදිය නොහැකි බවටත් පාවී පාවී යන තත්වයක රටක් බවට පත්ව ඇති බවත් එවැනි රටක් තුළ යුක්තිය බලාපොරොත්තු විය නොහැකි බවත් කාදිනල් හිමිපාණන් මෙහිදී සඳහන් කරනු ලැබුවා.

එමෙන්ම ජනාධිපතිවරයාට යවනු ලැබූ දීර්ඝ ලිපියට ලැබුන පිළිතුරු ලිපිය ප්‍රතික්ෂේප කරන බවත් මෙහිදී කාදිනල් හිමිපාණන් සඳහන් කරනු ලැබුවා.

රට තුළ පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් විරෝධතා දක්වා ජනතාව අපහසුතාවට පත්කිරීමට හැකියාවක් නොමැති හෙයින් පාස්කු ඉරුදින ප්‍රහාරයට මාස 28ක් ගතවන අගෝස්තු මස 21 වැනිදා නිහඬ විරෝධයේ ප්‍රබල සංකේතයක් ලෙස සෑම නිවසකම කළු කොඩි ඔසවන බවට මෙහිදී කාදිනල් හිමිපාණන් දැනුම් දෙනු ලැබුවා.

අගරදගුරු හිමිපාණන් නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්

May be an image of text
May be an image of text
May be an image of text
May be an image of text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here