Home Hit ආණ්ඩුව පුරසාරම් කියෙව්වේ රොකට් යවන්න, දැන් ගෑස් ටික දෙන්නවත් බැරිවෙලා

ආණ්ඩුව පුරසාරම් කියෙව්වේ රොකට් යවන්න, දැන් ගෑස් ටික දෙන්නවත් බැරිවෙලා

91

රොකට් යවන්න පුරසාරම් දෙඩූ ආණ්ඩුවට අවම තරමින් ජනතාවට අවශ්‍ය ගෑස් ප්‍රමාණයවත් ලබාදීමට නොහැකි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ පවසයි.

ආර්ථික දේහයේ කශේරුව බඳු බලශක්තිය කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බව ගෑස් අර්බුදයෙන් ඔප්පු වන බව පැවසූ මන්ත්‍රීවරිය වෙනත් රටවල් නළ මගින් තමන්ගේ ජනතාවට ගෑස් ලබාදුන්නේ මීට අවුරුදු 100කට පෙර බවත් උදාහරණයක් ලෙස 1950 වන විට සෝවියට් දේශයේ සියලු ම නාගරික නිවාසවලට නළ මාර්ගයෙන් ගෑස් ලබාදුන් බවත් මන්ත්‍රීවරිය කියයි.

එමෙන් ම, අත්‍යවශ්‍ය ම ආහාර ද්‍රව්‍ය මිල වැඩිකිරීමෙන් හෙට දවසේ උද්ගත වන තත්ත්වය මීට වඩා භයානක අතර රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න ඩොලර් හිඟයක් තිබෙන බවත් මේ නිසා කළු කඩයේ ඩොලර් එකකට රුපියල් 250ක් විතර ගෙවන ව්‍යාපාරයක් පවතින බවත් ඇය පෙන්වා දෙයි.

ආණ්ඩුවේ අසාර්ථකභාවය අද මුළුතැන්ගෙයින් ම ඔප්පු කර ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here