Home Hit පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් හොයන හැටි හරීන් කියයි

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් හොයන හැටි හරීන් කියයි

115

පාර්ලිමේන්තුවේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ලෙස අමාත්‍ය සරත් වීරසේකර පැවසූ පුද්ගලයා සැබෑම මහමොළකරු ලෙස පිළිගත හැකියාවක් ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රශ්න කර සිටිනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලනික වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කරනු ලැබුවා.

එහිදී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ එම පුද්ගලයාගේ ඉතිහාසය දෙස බැලීමේදී මෙවැනි විශාල ප්‍රහාරයකට සැලසුම් කිරීමේ හැකියාවක් ඇත්දැයි සැක සහිත බවයි.

එමෙන්ම එවැනි ප්‍රහාරයක් සඳහා අවශ්‍ය මුල්‍ය ශක්තිය, ලෝකයේ ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා ගොඩනගා ගැනීම වැනි ක්‍රියාවන් කිරීමට ඔහුට හැකියාවක් තිබුනේද යන්න ප්‍රශ්නකාරී බව ඒ මහතා පෙව දෙනවා.

යහපාලන රජය සමයේ අත්අඩංගුවට ගත් පුද්ගලයකු පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු පෙන්වා දීම දෙකයි පනහේ වැඩකට සමාන බව හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කියා සිටියා.

මෙම ප්‍රහාරයේ සැබෑ මොළකරුවන් සෙවීමේ සබැ වුවමනාව ඇත්තේ සමගි ජන බලවේගයට බවත් ඉදිරියේදී එය සිදුකරනු ලබන වැඩ පිළිවෙලත් මෙහිදී ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here