Home Coronavirus 2020 මිනිස්සු මරුනේ එන්නත නැති නිසානම්, එන්නත ගේන එක පරක්කු කලේ මේ තුප්පහි...

මිනිස්සු මරුනේ එන්නත නැති නිසානම්, එන්නත ගේන එක පරක්කු කලේ මේ තුප්පහි ආණ්ඩුව – මරික්කාර්

107

කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ දී ඇති භයානක තත්වය තේරුම් ගනිමින් ලබන මස 20 වනදා තෙක් රට සම්පූර්ණයෙන් වසා තබන ලෙස සමගි ජන බලවේගය රජයට බල කරනවා.

සෞඛ්‍ය විශේෂඥයින් දිගින් දිගටම රටේ අවදානම් තත්වය තේරුම් කර දෙමින් තිබියදීත් ආණ්ඩුව රට වසා දැමීමේ තීරණය නොගන්නේ ජනතාවගෙන් පළිගන්නටදැයි බරපතල සැකයක් පවතින බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් මහතා කියා සිටියේ.

ඒ මහතා කියා සිටියේ මේ වනවිට 5000 ඉක්මවා මිනිස් ජීවිත අහිමි වී ඇති බවත් ඒ ජිවිත අහිමි වී ඇත්තේ එන්නත නොලැබීම හේතුවෙන් නම් එයට වගකිවයුත්තේ වත්මන් රජය බවයි.

විපක්ෂය දිගින් දිගටම එන්නත් ආනයන කිරීමට පැවසුවත් විවිධ පැණි වර්ග පසුපස ආණ්ඩුව දිවගිය බවට ඒ මහතා මෙහිදී චෝදනා කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here